මිනිසා
උත්පත්තියෙන්ම දේශපාලන සත්වයෙකි. මිනිසා විසින් සිය ජන මතයෙන් පාලකයන් පත්කරන්නේ
ජන සමාජයට හිතකර නායකත්වයකට ඇති අසීමිත විශ්වාසයෙනි තමන්ගේ රටේ ජනතාවගේ හද ගැස්ම
නොහදුනන ජන නායකයෙකුගෙන් රටට ඵලක් නොමැත. රටෙහි දියුණුව රදාපවතින්නේ නායකයෙකුගේ
පුද්ගල දර්ශනය මතයි. මහත්මා ගාන්ධි ඉන්දියාව ද නෙල්සන් මැන්ඩේලා දකුණු අප්‍රිකාව ද
මාඹ් සේතුන් චීනය ද ගොඩනැගුවේය අප රට ලෝකය තුළ ස්ථාවර කරන නායකත්වය කවුරුන්ද?
නායකයෙකු බිහිවන්නට නොයක් සාධක බලපෑමට හැකිය.
අතීත මානව කණ්ඩායම් නායකයා තෝරා ගත්තේ කාය ශක්තියෙන් වැඩි සටන්කාමී නායකයායි.
නුතනයේ එක් අයෙක් සිය පවුල් පසුබිමින් ද තවකෙක් අවි බලයෙන් ද තවකෙක් ජන මතයෙන් ද
ආදී නොයෙක් ක්‍රමවලට තෝරා පත්විය හැකිය. නමුත් නායකයෙක් පත්වීමේ සැබෑ අරමුණ සිය
ජනතාවගේ අනාගතය ගොඩනැගීමයි.
තත්කාලීන
සමාජයේ පක්ෂ දේශපාලනය විශාල වෘක්ෂයක අතු ලෙස ලෙස සෑම සමාජ කණ්ඩායමක් සමගම බැදී
පවතී. ඒ හේතුවෙන් කිසිවෙකුට තමන්ට දේශපාලන මතයක් නැතැයි කිව නොහැක. මිනිසෙක්
දේශපාලන පක්ෂයක් තෝරාගන්නේත් පක්ෂයක්
විසින් නායකයන් තෝරාගන්නේත් සිය අභිලාෂයන් සංකේතවත් කිරීමටයි. තවමත් අප රට හරි
පුද්ගලයෙකුගේ අතට පත්වීමේ අවශ්‍යතාවයක් පවතියි. ඒ රටේ සියළු අංශ ගොඩනගා ලෝකය තුළ
සෞභාග්‍යමත් රාජ්‍යක් ගොඩනැගීමටයි.
අප රටේ
දේශපාලන සංස්කෘතිය ඉතා දුර්වලය. මොහොතකට සිතන්න මාධ්‍ය මගින් වෙනත් රටක පාර්ලිමේන්තුවක ගැටුමක් වාර්තා කරන
විට ඔබට ඒ රට ගැන ඇතිවෙන හැගීම කුමක් ද කියා. තවමත් රට ගැන සිතන පාලකයෙක් පත්ව
නොමැති බව තහවුරු කරගන්න. ඇමැති පුටුවල පස්සවල් නිතර මාරැ වේ. ජනතාවගේ මුදල්
විනාශයක් නිතර සිදුවනවා මිස වෙන දෙයක් සිදුවන්නේ නැත. කිසිවෙකු රටේ දේශපාලකයන්ගේ
චරියා දෙස බලනවා මිස ඔවුන්ගේ මානසික ස්වභාවය දෙස බලන්නේ නැත. ජනතාවට සිදුවන දේ
පිළිබද කිසිදු දැනීමක් නොමැත. සියල්ලටම හේතුව රටේ නායකත්වයන් මෙන්ම දේශපාලන පක්ෂ
වල නායකත්වයන් ද ගන්නා තීරණ ඔවුන් ගැන සිතනවා මිස ජනතාව ගැන නොසිතන බවයි.
ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාවේ දේශපාලය දෙස බලන
විට පෙනී යන්නේ ඇමරිකාව ප්රමුඛ බටහිර රාජ්‍යන් එක් දේශපාලන කදවුරකටත් චීනය ප්රමුඛචීනයට පක්ෂපාතී රටවල් තව කදවුරක් සිය සහය දක්වන බවයි.
අප එක් පාර්ශවයකට පක්ෂපාතී වුවහොත් සිදුවන්නේ විශාල අර්බුදයකි. ස්වාධිනව සිටීම කළ
නොහැකිය. රට ගොඩනැගීමට නම් ශ්‍රී ලංකාවේ
දේශපාලන කදවුරක් තැනිය යුත්තේ ලොව ප්‍රබලයන් දෙදෙනාගෙන්ම සහයගත හැකි ආකාරයෙනි.
රටේ හැමෝටම ගොඩක් ප්‍රශ්ණ තිබේ. හැම ප්‍රශ්නෙකටම
සවන් දෙන සහෘදකාමී පාලකයෙකු වෙනුවෙන් හැමදාම ජනතාව බලාසිටියි. මහා මන්දිර වල
සිසිලස විදින පාලකයෙකුට වඩා පොල්අතු පැලවල් ටකරන් මඩු වල මිනිසුන්ගේ කුසයේ ගින්දර
හදවතට දැනෙන පාලකයෙකු රටට අවශ්‍යය. ජනතාකාමී පාලකයෙක් බිහිවන්නේ ජනතාවගේ උරමතින්ය.
ඒ ජනතාවගේ ආදර භක්තියෙනි. දේශපාලන නායකයෙකුට විශාල වේදිකා අවශ්‍යය නැත ඹහු ජනතාව
වෙත යා යුතුය. ජනතාව සමග දැවෙන ප්‍රශ්ණ වලට උත්තර සොයමින් ඉදිරියට යා යුතුය. ඊට
අවශ්‍යයවන්නේ නායකයාගේ දර්ශනනයි. එවැනි නායකයෙකු රටේ අනාගතය භාරගන්නාක් තෙක් බලා
සිටිමු......
No comments:
Post a Comment