Tuesday, January 1, 2019





විචාරකයෙක් යනු කලාව, සාහිත්යය, සංගීතය, සිනමා, රංග කලාව, විලාසිතා, ගෘහ නිර්මාණ ශිල්පය හා ආහාර වැනි විවිධ නිර්මාණවල ඇගයීමක ඇගයීමක් සහ වෘත්තියක අදහස් ඉදිරිපත් කරන වෘත්තීයවේදියෙකි. විවේචකයන්ට ඔවුන්ගේ විෂය හෝ සමාජ හෝ රජයේ ප්රතිපත්තිය ලෙස ගත හැකිය. විවේචනාත්මක චින්තනයෙන් හෝ නොදැනුවත්වම තීරනාත්මක විනිශ්චයන්, විවේචනය වන අයිතමය එහි අරමුන සහ එහි නිර්මාණකරුගේ අභිප්රාය සහ එහි සන්දර්භය පිළිබඳ දැනුමක් ලබා ගන්නා ප්රමාණය විශ්ලේෂණය කිරීම ඇතුළු සාධක ගණනාවක් මැන බැලීමකි. ඔවුන්ට ධනාත්මක හෝ සෘණාත්මක ප්රතිචාරයක් ද ඇතුළත් විය හැකිය.
හොඳ විවේචකයෙකුගේ ලක්ෂණ වන්නේ දෘෂ්යාබාධිත භාවය, ඉහළ මට්ටමේ ආයාචන හා කුසලතා සහිත භාෂාවක් භාවිතා කිරීමට ඇති හැකියාවයි. අනුකම්පාව, සංවේදීතාව සහ අවබෝධයද වැදගත් වේ. විවේචනාත්මක ස්වරූපය, ස්වරූපය සහ මාධ්යය විවේචනයට ලක් වේ. ගෘහ නිර්මාණ ශිල්පය සහ ආහාර විවේචනය තුළ අයිතමයේ ක්රියාකාරීත්වය, වටිනාකම හා පිරිවැය සංරචකයන්ට එකතු කළ හැකිය.
විවේචකයින් ප්රසිද්ධියේ පිළිගනු ලබන අතර, ඔවුන් සැලකිය යුතු මට්ටමකින් ඔවුන්ගේ ඇගයීම්වල හෝ ඔවුන්ගේ කීර්තිමත්භාවය නිසා අනුගමනය කරනු ලැබේ. කලා, සංගීතය, නාට්ය හා ගෘහනිර්මාණවල විවේචනාත්මක විවේචකයින් බොහෝ විට ඔවුන්ගේ සම්පූර්ණ තර්ක ඉදිරිපත් කරති. ඉතා ප්රසිද්ධ උදාහරණයක් වන්නේ ජෝන් රස්කින්ගේ වාස්තු විද්යාවේ සත්වන ආලෝක සහ වැනීසියේ ගල් . විවේචකයන්ට ඔවුන්ගේ තක්සේරුව මත පදනම් වූ න්යායික ආස්ථානයන් මත පදනම් විය හැකිය. නිදසුනක් වශයෙන්, ඔවුන් ස්ත්රීවාදී හෝ ෆ්රොයිඩ්වාදී ඉදිරිදර්ශනයක් ගත හැකිය. [1]
වෙබ් අඩවි හරහා හෝ වෙබ් අඩවි හරහා ලිපි පළ කළ හැකි අනෙකුත් පුද්ගලයන් මෙන් නොව, මුද්රිත, ගුවන්විදුලි, සඟරා, රූපවාහිනී හෝ අන්තර්ජාල සමාගම් සඳහා ඔවුන්ගේ තක්සේරුව සහ අදහස් ඉදිරිපත් කිරීමට වෘත්තීය විවේචකයින්ට ගෙවනු ලැබේ. ඔවුන්ගේ පෞද්ගලික මතය පිළිබඳ තීරනය වඩා වැඩි දෙයක් වන විට, වර්තමාන සිදුවීම්, මහජන කටයුතු, ක්රීඩා, මාධ්ය හෝ කලාව මත විවේචනාත්මක අදහස් දරන අය විවේචකයින් වෙනුවට " විද්වතුන් " ලෙස හඳුන්වනු ලැබේ.
අවසාන විවේචනාත්මක විනිශ්චය සෑම විටම යම් ආත්මීයත්වයක් ඇතිවීම නිසා විවේචකයින් තරඟකාරී විවේචකයන්ට යටත් වේ. සංස්ථාපිත විචාරකයෙකුට රසය හෝ මතවාදයේ ප්රසිද්ධ බේරුම්කරුවෙකු ලෙස බලවත් කාර්යභාරයක් ඉටු කළ හැකිය. විචාරකයන් හෝ සම්බන්ධීකරණ කණ්ඩායමක විවේචකයින් පිරිසක් පිළිගැනීමේ සංකේත පිරිනැමිය හැකිය.

දේශපාලන නායකයා

මිනිසා උත්පත්තියෙන්ම දේශපාලන සත්වයෙකි. මිනිසා විසින් සිය ජන මතයෙන් පාලකයන් පත්කරන්නේ ජන සමාජයට හිතකර නායකත්වයකට ඇති අසීමිත විශ්වාසයෙනි තමන්ගේ රටේ ජනතාවගේ හද ගැස්ම නොහදුනන ජන නායකයෙකුගෙන් රටට ඵලක් නොමැත. රටෙහි දියුණුව රදාපවතින්නේ නායකයෙකුගේ පුද්ගල දර්ශනය මතයි. මහත්මා ගාන්ධි ඉන්දියාව ද නෙල්සන් මැන්ඩේලා දකුණු අප්‍රිකාව ද මාඹ් සේතුන් චීනය ද ගොඩනැගුවේය අප රට ලෝකය තුළ ස්ථාවර කරන නායකත්වය කවුරුන්ද?

 නායකයෙකු බිහිවන්නට නොයක් සාධක බලපෑමට හැකිය. අතීත මානව කණ්ඩායම් නායකයා තෝරා ගත්තේ කාය ශක්තියෙන් වැඩි සටන්කාමී නායකයායි. නුතනයේ එක් අයෙක් සිය පවුල් පසුබිමින් ද තවකෙක් අවි බලයෙන් ද තවකෙක් ජන මතයෙන් ද ආදී නොයෙක් ක්‍රමවලට තෝරා පත්විය හැකිය. නමුත් නායකයෙක් පත්වීමේ සැබෑ අරමුණ සිය ජනතාවගේ අනාගතය ගොඩනැගීමයි.

තත්කාලීන සමාජයේ පක්ෂ දේශපාලනය විශාල වෘක්ෂයක අතු ලෙස ලෙස සෑම සමාජ කණ්ඩායමක් සමගම බැදී පවතී. ඒ හේතුවෙන් කිසිවෙකුට තමන්ට දේශපාලන මතයක් නැතැයි කිව නොහැක. මිනිසෙක් දේශපාලන පක්ෂයක්  තෝරාගන්නේත් පක්ෂයක් විසින් නායකයන් තෝරාගන්නේත් සිය අභිලාෂයන් සංකේතවත් කිරීමටයි. තවමත් අප රට හරි පුද්ගලයෙකුගේ අතට පත්වීමේ අවශ්‍යතාවයක් පවතියි. ඒ රටේ සියළු අංශ ගොඩනගා ලෝකය තුළ සෞභාග්‍යමත් රාජ්‍යක් ගොඩනැගීමටයි.

අප රටේ දේශපාලන සංස්කෘතිය ඉතා දුර්වලය. මොහොතකට සිතන්න මාධ්‍ය මගින්  වෙනත් රටක පාර්ලිමේන්තුවක ගැටුමක් වාර්තා කරන විට ඔබට ඒ රට ගැන ඇතිවෙන හැගීම කුමක් ද කියා. තවමත් රට ගැන සිතන පාලකයෙක් පත්ව නොමැති බව තහවුරු කරගන්න. ඇමැති පුටුවල පස්සවල් නිතර මාරැ වේ. ජනතාවගේ මුදල් විනාශයක් නිතර සිදුවනවා මිස වෙන දෙයක් සිදුවන්නේ නැත. කිසිවෙකු රටේ දේශපාලකයන්ගේ චරියා දෙස බලනවා මිස ඔවුන්ගේ මානසික ස්වභාවය දෙස බලන්නේ නැත. ජනතාවට සිදුවන දේ පිළිබද කිසිදු දැනීමක් නොමැත. සියල්ලටම හේතුව රටේ නායකත්වයන් මෙන්ම දේශපාලන පක්ෂ වල නායකත්වයන් ද ගන්නා තීරණ ඔවුන් ගැන සිතනවා මිස ජනතාව ගැන නොසිතන බවයි.  

ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාවේ දේශපාලය දෙස බලන විට පෙනී යන්නේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර රාජ්‍යන් එක් දේශපාලන කදවුරකටත් චීනය ප්‍රමුඛචීනයට  පක්ෂපාතී රටවල් තව කදවුරක් සිය සහය දක්වන බවයි. අප එක් පාර්ශවයකට පක්ෂපාතී වුවහොත් සිදුවන්නේ විශාල අර්බුදයකි. ස්වාධිනව සිටීම කළ නොහැකිය. රට ගොඩනැගීමට නම්  ශ්‍රී ලංකාවේ දේශපාලන කදවුරක් තැනිය යුත්තේ ලොව ප්‍රබලයන් දෙදෙනාගෙන්ම සහයගත හැකි ආකාරයෙනි.

රටේ හැමෝටම ගොඩක් ප්‍රශ්ණ තිබේ. හැම ප්‍රශ්නෙකටම සවන් දෙන සහෘදකාමී පාලකයෙකු වෙනුවෙන් හැමදාම ජනතාව බලාසිටියි. මහා මන්දිර වල සිසිලස විදින පාලකයෙකුට වඩා පොල්අතු පැලවල් ටකරන් මඩු වල මිනිසුන්ගේ කුසයේ ගින්දර හදවතට දැනෙන පාලකයෙකු රටට අවශ්‍යය. ජනතාකාමී පාලකයෙක් බිහිවන්නේ ජනතාවගේ උරමතින්ය. ඒ ජනතාවගේ ආදර භක්තියෙනි. දේශපාලන නායකයෙකුට විශාල වේදිකා අවශ්‍යය නැත ඹහු ජනතාව වෙත යා යුතුය. ජනතාව සමග දැවෙන ප්‍රශ්ණ වලට උත්තර සොයමින් ඉදිරියට යා යුතුය. ඊට අවශ්‍යයවන්නේ නායකයාගේ දර්ශනනයි. එවැනි නායකයෙකු රටේ අනාගතය භාරගන්නාක් තෙක් බලා සිටිමු......